අපි සමරන උපන් දින සැමරුම් සිංහල දේශය තුළ නොසන්සුන් තත්වයක් ඇති කරන බව දැනගෙන තමයි අපි එය සමරන්නේ යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබේ.
වල්වෙටිතුරයි පිහිටි කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ නිවස ඉදිරිපිට ඊයේ දින කේක් කපා ප්‍රබාකරන්ගේ උපන්දිනය සැමරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සිවාජිලිංගම් මේ බව පවසා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,
“ජාත්‍යන්තරය පමණක් නොව සිංහල නායකයන් පවා ප්‍රබාකරන්ගේ හැකියාව ප්‍රසංශා කරනවා. දෙමළ ජනතාවට ප්‍රශ්ණයක් තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයටම ගෙන ගිය කෙනෙක්. අපි සමරන උපන් දින සැමරුම සිංහල දේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති කරන බව දැනගෙන තමයි අපි සමරන්නේ.
සිංහල ජනතාව ජනතා විමුක්ති පෙරමුණ නායකයා ඝාතනය වූ දිනය ජාතික විරු දිනයක් ලෙස සමරන්නට පුළුවන්නම්, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ කොටි සංවිධානයේ නායකයාගේ උපන් දිනය අපි සමරනවා“ යැයි සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment