උතුරේ මහවිරුවන් සැමරීමට අනුමැතිය ලබාදිය යුතුයි – දෙ.ජා.ස.

යුද්දයේදී මියගිය උතුරේ සටන්කාමිකයන්ව සිහිපත් කිරීමට අනුමැතිය ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්දරාජා මෙලෙස ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ. තම යුද විරුවන්ව සිහිපත් කර ඔවුන්ගේ සොහොන් කොතට ගොස් සැමරීමට උතුරේ ජනතාවට අනුමැතිය ලබාදිය යුතු යැයි ඉල්ලා තිබේ.

මහවිරු සොහොන් බිම් ප්‍රතිසංස්කරණය කිරීමට සහ කාන්තාවන්ට ස්වයං රැකියාවල නිරතවීමට ද අනුමැතිය ලබාදිය යුතු යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top