SRILANKAN NEWS

කැනඩානු රජය ලංකාවට බලපෑම් කළ යුතුයි

අතුරුදන්වූවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කැනඩානු රජය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බව යාපනය දිස්ත්‍රික්ක රදගුරු ආචාර්‍ය ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන් පවසා තිබේ. යාපනයේ සංචාරයක නිරතව සිටින කැනඩානු තානාපති ඩෙවිට් මෛක් මහතා අද දින යාපනයේ පිිහිටි රදගුරු නිල නිවසේදී ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන් හමුවිය.

එහිදි අදහස් ප්‍රකාශ කරමින් ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන් මේ බව පවසා තිබේ.

“යුද්දය පැවැති කාලයේ සහ යුද්දය අවසන් වූ පසු ද දෙමළ ජනතාව අතුරුදහන් වී තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව සොයා දුක් කරදර රැසකට මුහුණ දෙමින් සිටිනවා. රජය මෙතෙක් ඔවුන්ට නිසි පිළිතුරක් ලබාදී නැහැ, අතුරුදන්වුවන් පිළිබඳ ප්‍රශ්ණය තවඳුරටත් ප්‍රමාද නොකර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කැනඩානු රජය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතුයි.

යාපනයේ රැකියා විරහිත උපාධිධාරින් 50කට වැඩි පිරිසක් සිටිනවා, ඔවුන්ට රැකියා අවස්ථාවක් ලබාදීමට හැකි අයුරින් කැනඩානු රජය යාපනයේදී ආයෝජනය කළ යුතුයි“ යැයි යාපනය දිස්ත්‍රික්ක රදගුරු ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන් පවසා තිබේ.

“දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ ගැන කැනඩානු රජය, ශ්‍රී ලංකාවට හා එ.ජා. සංවිධානයේදී බලපෑම් කරමින් සිටිනවා. දෙමළ ජනතාව කෙරෙහි කැනඩාව දිගටම උනන්දුවක් දක්වනවා“ යැයි කැනඩානු තානාපතිවරයා එහිදී පවසා තිබේ.