ආවා කල්ලියේ ඉක්රම් ඇතුළු තුනක් අත්අඩංගුවට

යාපනයේදී තියුණු ආයුධවලින් පහරදීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්‍ධ, කොළඹ දී සැඟව සිටි ආවා කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ඇවිත් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය විසින් සොයමින් සිටින ඉක්රම් නැමැති මුස්ලිම් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා කොළඹ දී සැඟව සිටින බවට ලැබුණු තොරතුරුවලට අනුව යාපනයෙන් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඊයේ දින රාත්‍රීයේ යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top