ළමයින් 11 දෙනකු පැහැරගැනීමේ සිද්ධිය – CIDයට තොරතුරු දෙන්නැයි නාවික හමුදාපතිට නියෝග

කොළඹදී ළමයින් 11 දෙනකු පැහැරගැනීම සම්බන්ධ නඩුවට අදාළව නාවික හමුදාවේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(29) නාවික හමුදාපතිවරයාට නියෝග කළාය. නාවික හමුදාව විසින් දිගින් දිගටම මෙම තොරතුරු ලබාදිම ප්‍රමාද කිරීම සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්විමෙන් පසු මෙම නියෝගය නිකුත්කරන ලදි.

නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු සැකකරුවන් 7 දෙනා අද අධිකරණයේ පෙනී සිටි අතර අදාළ නඩුව දෙසැම්බර් 13වැනිදා තෙක් කල් තැබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top