ගෝඨා අත්අඩංගුවට ගැනීම වළකමින් අතුරු තහනම් නියෝගයක්..

රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් ලබන 06 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ලබා දෙන ඉල්ලා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය අද (29) ලබාදෙන ලදී.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිතා කරන ලදැයි චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top