සිසුන් අතර ගැටුමක් – වව්නියා පරිශ්‍රයේ පීඨයන් දෙකක් වසා දමයි..

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයට අයත් පීඨයන් දින නියමයක් නොමැතිව ඊයේ (28) දින සවස සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.

පසුගිය 26 වනදා යාපනය විශ්ව විද්‍යාලයට අයත් වව්නියාව පරිශ්‍රයේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් පිරිසක් කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ උපන් දින සැමරුමෙන් අනතුරුව ඇතිවූ නොසන්සුන් තත්වයක් දුරදිග යෑමෙන් සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ. මේ හේතුවෙන් දින නියමයක් නොමැතිව නිවාඩු දී සිසුන්ට නේවාසිකාගාරවලින් පිටත්වන ලෙස පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top