SRILANKAN NEWS

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල පවතින වැසි තත්වය තවඳුරටත් පැවතියහොත් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද නිවේදනය කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම හා ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හා මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස අවදානම් තත්වයක් පවතින බව සඳහන් කර තිබේ.