විමල්ගේ පක්‍ෂයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක් විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ති‍්‍රකුණාමල දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස ඒ මහතා පත් කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබේ.

ඒ මහතා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කි‍්‍රයාකාරී දේශපාලනයේ නිරත විය.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ති‍්‍රක් නායකයා ලෙස පත්කර තිබෙන අතර ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top