පාකිස්තානයේ සිඳුවූ බෝම්බ ප්‍රහාරයකින් 13ක් ජීවිතක්‍ෂයට

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තාවේ.

බුර්කාවක් හැද පැමිණි තුවක්කුකරුවන් සිව් දෙනෙකු පෙෂාවර් කෘෂිකාර්මික පුහුණු ආයතන ගොඩනැගිල්ලට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. මේ අතර, මෙම ප්‍රහාරය සිඳුකළ තුවක්කුකරුවන් සිව්දෙනාව එරට ආරක්‍ෂක අංශය විසින් මරා දැමූ බව පැවැසේ. මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top