නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 20ක් අත්අඩංගුවට

මෙරටට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරත වු ඉන්දිය ධිවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

කෝවිලන්තුඩුවට සහ පේදුරුතුඩුවට උතුරුදෙසින් වු මුහුදු ප්‍රදේශයේදී මෙම ධිවරයින් පිරිස අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. එම ධීවරයන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සදහා ධිවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා යාපනය සහකාර ධිවර අධ්‍යක්ෂ වෙත භාර දීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top