සිම්බාබ්වේ නව ජනපති කැබිනට් මණ්ඩලය පත් කරයි

සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා සිය කැබිනට් මණ්ඩලය පත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය සදහා ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයින් ද සිටින බවය.

හමුදා ජෙනරාල්වරයෙකු වූ සිබු සිසෝ මෝයෝ විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට එමර්සන් නන්ගග්වා කටයුතු කර ඇත.

සිම්බාබ්වේ ගුවන් හමුදා ප්‍රධානී පෙරෙන්ස් ෂිරී කෘෂිකර්ම හා ඉඩම් සම්බන්ධ අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

නව ජනාධිපතිවරයා ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන් නන්ගග්වා එරට නව දියුණුවක් ඇති කිරීමට ගන්නා ලද මූලික පියවරයක් ලෙස මෙම පත්කිරීම් සිදු කර ඇත. ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධය එල්ල කර තිබෙන බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top