SRILANKAN NEWS

ජන්දය ඇයට ප්‍රචණ්ඩත්වයට තිත

මැතිවරණයේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කර දේශපාලනයෙහි කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා ජන්ද දායකයන් සහ ජනතාව අතර දැනුවත් කිරීමක් ඇති කිරීමේ ජාතික වැඩසටහනක් අද දින යාපනයේදී පැවැත්වුණි.

ජන්දය ඇයට ප්‍රචණ්ඩත්වයට තිත යන මැයෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක වැඩසටහන යටතේ මෙම මැතිවරණ දැනුවත් කිරීමේ වැඩපිළිවවල යාපනය බස් නැවතුම් පොළදී පැවැත්වුණි.

දේශපාලනයෙහි කාන්තාවන්ට සම අවස්ථාව ලබාදීම හා මැතිවරණයට තරඟ කරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ අරමුණින් මෙම ප්‍රචාරක කටයුතු දිවයින පුරා පැවැත්වීමට නියමිත බව පැවැසේ.