මොරගහකන්ද විදුලි බල උත්පාදනය සඳහාවූ පරික්‍ෂණ කටයුතු අරඹයි..

මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිදු විය.

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප‍්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප‍්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණි. මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට ද නියමිතය.

ඊයේ සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top