දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් පොළොන්නරුවේදී මුල් ගල් තැබේ

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරේ. පොළොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන සම්පූර්ණ මුදල චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීම විශේෂත්වයකි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලූ සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප‍්‍රතිකාර ඒකකයක් සහිත බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක දෙකක් සහ ලේ් බැංකුවක් මීට ඇතුළත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top