නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

නීතී විරෝධී ලෙස මෙරටට ආනනයනය කරන ලද රුපියල් කෝටි අටකට වැඩි වටිනාකමින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ග්රෑන්ඩ්පාස් බහාලුම් අංගනයේදීයී මෙම වැටලීම සිදු කර තිබේ. ළඟ එන උත්සව සමයේදී අලෙවි කිරීමට සැළසුම්කර තිබු මෙම දුම්වැටි තොගය චීනයේ සිට ගෙන්වා ඇති බව පැවැසේ. මෙම ජාවාරමට සම්බන්‍ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top