SRILANKAN NEWS

හෙට යාපනයට පැමිණෙන ජනාධිපති අක්කර 454ක් ඉඩම් නිදහස් කිරීම ගැන ප්‍රකාශ කරයි..

maithiri_ciජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සඳුදා දින යාපනයේ සංචාරයක නිරතවන බව වාර්තාවේ. යාපනයට පැමිණෙන ජනාධිපතිවරයා විසින් පලාලි තෙල්ලිපලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් වන අක්කර 454ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීම පිළිබඳව ප්‍රකාශ කරනු ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පවසයි.

තවද හෙට දින හමුදාව විසින් ජනතාව වෙනුවෙන් කීරිමලයි ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 100ක් ජනාධිපතිවරයා අතින් නිවාස ලාභීන්ට ලබාදීමට නියමිත බව ද පැවැසේ.

යාපනය හමුදා ආඥාපති මහේෂ් සේනානායක මහතාගේ තොරතුරුවලට අනුව පලාලි, තෙල්ලිපලයි ප්‍රදේශයේ පිහිටි ඉඩම නිදහස් කිරීමට නියමිත බවත්, ඒ අනුව එම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හමුදා කඳවුරු දෙකක් ඉවත්කර ඇති බව ද හෙතෙම පවසා තිබේ.

– Global Tamil News : Sinhala