2018 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

කාරක සභාවේ සළකා බලා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායකවරයා ප්‍රකාශ කළ අතර තෙවෙනිවර කියවීම සම්මත කිරීමේ අවස්ථාවේ දී සභාවෙන් බෙදීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඡන්ද් අවිමසීම ආරම්භ විය.
අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56ක් ලැබුණි.

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතරවැනි වෙන් කළ දිනය ලෙස අද විවාදය පැවැත්විණි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් 09 දින අයවැය කතාව සභාවට ඉදිරිපත් කළේ ය.

නොවැම්බර් 10 දින සිට 17 වැනි දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. 17 වැනි දින සිට දෙසැම්බර් 09 අද දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව යටතේ අමාත්‍යාංශවලට අදාළව වැයශීර්ෂ විවාදයට ලක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top