යුධ හමුදාවට ඩ්‍රෝන යානා රෙජිමේන්තුවක්

1438282065091මෙරට යුද හමුදා ඉතිහාසයේ මුල් වරට ඩ්‍රෝන යානා රෙජිමේන්තුවක්‌ ස්‌ථාපනය කිරීමට හමුදා බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ.

එහි මුල් පියවරක්‌ ලෙස ඩ්‍රෝන හෙවත් නියමුවන් රහිත යානාවක්‌ රුපියල් මිලියන 10 ක්‌ වැය කර නිපදවා තිබේ. මෙම ඩ්‍රෝන යානාවක්‌ ඊශ්‍රායලයෙන් ආනයනය කිරීමට රුපියල් මිලියන 1600 ක්‌ වැය වේ.

දැනට ඩ්‍රෝන යානා භාවිතා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණි. මෙම යානා නිරීක්‍ෂණ කටයුතුවලට යොදාගත හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top