දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ධීවර බෝට්ටු 05 කින් පැමිණි ධීවරයින් 23 දෙනෙකු උතුරු නාවික හමුදා නිලධාරීන් විසින් අද (12) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී මෙම ධීවරයින් 23 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම ධීවරයන්ව අද පස්වරුවේ යාපනය ජලඡ සම්පත් දෙපාර්තුමෙන්තුවට භාරදී තිබේ.