SRILANKAN NEWS

ඉන්දීය ධීවරයන් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ධීවර බෝට්ටු 05 කින් පැමිණි ධීවරයින් 23 දෙනෙකු උතුරු නාවික හමුදා නිලධාරීන් විසින් අද (12) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී මෙම ධීවරයින් 23 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම ධීවරයන්ව අද පස්වරුවේ යාපනය ජලඡ සම්පත් දෙපාර්තුමෙන්තුවට භාරදී තිබේ.