උතුර නැගෙනහිර තනිව තරඟ කරනවා – ඩග්ලස් දේවානන්දා

උතුර නැගෙනහිර පළාත්වල ඊළ මක්කල් ප්‍රජාතන්ත්‍රික පක්‍ෂය තනිව තරඟ කරන බව එම පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඊයේ (12) දින සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා එම පක්‍ෂ විසින් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමන් ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පවසා සිටියේය.

දෙමළ ජනතාවගේ දෛනික ප්‍රශ්ණවලට විසඳුමක් ලෙසත්, සංවර්ධනයට හා දේශපාලනික අයිතිවාසිකම්වලට විසඳුමක් ලෙසත් මෙම පළාත් පාලන මැතිවරණයේ ජය හිමිවනු ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top