එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.
පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේවකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා ම වන තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව පැවැසේ.
22දායි අනතුරුව යළිත් වරක් මෙම කාලය දීර්ඝ නොකිරීමට කටයුතු කරන බවත් තැපැල් ඡන්ද අයිතිවාසිකම හිමි රජයේ අත්‍යාවශ්‍ය සේවාවවන්හි නිරතවන නිලධාරීන්ට මේ සඳහා අයඳුම්කළ හැක.
Add Comment