SRILANKAN NEWS

ඇතැම් ඝාතන සිද්ධීන් සම්බන්‍ධයෙන් සාවද්‍ය ලෙස චෝදනා කරනවා – ඊ.පී.ඩී.පී.

ඇතැම් ඝාතන සිද්ධීන් සම්බන්‍ධයෙන් සාවද්‍ය ලෙස චෝදනා එල්ල කරන බව ඊ.පී.ඩී.පී. පක්‍ෂය පවසයි. සන්ඩේ ලීඩර් පුවත්පත් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් තම පක්‍ෂය වෙත ව්‍යාජ චෝදනාවක් එල්ල කරන බව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ. දෙමළ මාධ්‍ය තමන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

අනෙකුත් දෙමළ පුවත්පත්වල ප්‍රතිපත්තියට වෙනස් අයුරකින් තමන් වෙනම පුවත්පතක් පවත්වාගෙන යන හෙයින් මෙලෙස තමන් වෙත චෝදනා එල්ල විය හැකි බවත්, ලසන්ත ඝාතනය සහ ඇතැම් දෙමළ දේශපාලකයන්ගේ ඝාතන සිද්ධීන් සම්බන්‍ධයෙන් තමන්ට එරෙහිව දෙමළ මාධ්‍යවලින් චෝදනා එල්ල කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

කෙසේ නමුත්, මෙම ඝාතන සිද්ධීන් සහ තමන්ට කිසිඳු සම්බන්‍ධයක් නොමැති බව සනාථවී ඇති බවත්, එක දිගටම සාවද්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් අසත්‍ය තොරතුරු සත්‍යයක් බවට පත්වන බවත්, තම කටයුත්තදී සිඳුවි තිබෙන්නේ එය බවද හෙතෙම පවසා තිබේ.

ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කිරීමට අපේක්‍ෂා කිරීම තම ප්‍රධාන දුර්වලකමක් බව ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.