වව්නියාව නගරයට සී.සී.ටී.වී කැමරා පද්ධතියක්…

වව්නියාව නගරයේ සිදුවන සොරකම් හා අපරාධ අවම කරගැනීමේ අරමුණින් නගරය පුරා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට තිරණය කර ඇත.

වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අදහසකට අනුව මේ සදහා වවුනියාව එක්සත් වෙළෙද සංගමය කටයුතු කරන බව සදහන්.

පසුගිය කාලය පුරා අදාළ නගරය පුරා සිදු වූ සොරකම් කීපයක අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකිවීම සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයා ගැනිමට අපහසු වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇත.

එම තිරණයට එකගත්වය පළ කරමින් වව්නියාව එක්සත් වෙළ‍ද සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top