බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ මාර්ගය ගිලා බසී..

බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයද මෙය බව පැවසේ.

මීට මාස කීපයකට පමණ පෙරද ගල් සහ පස් දමා සමතලා කර මෙම මාර්ගය පිළිසකර කරනු ලැබූ අතර දින කීපයක් ගත වෙද්දී මාර්ගය යළිත් ගිලා බැසීමට ලක්ව ඇතැයි මාර්ගය දෙපස පිහිටි ගම්මානවල ජනතාව පවසති.

මාර්ගය අබලන් වීම හේතුවෙන් මහියංගණ, මැදඔය, වැව්පිටිය, රෝහණ, පගරගම්මන, අලිකදුර ඇතුලු ගම්මාන රැසක පවුල් 5000ක් පමණ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top