මීටියාගොඩ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු මීටියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මීටියාගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සිඳුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, පතොරම් 5ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු බටපොල ඇටඹගහ හන්දිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු වන අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top