ආසන වෙන්කිරීමේදී අසාධාරණයක් – සිද්ධාර්තන් රැස්වීමෙන් පිටත්ව යයි..

දර්මලිංගම් සිද්ධාර්තන් – බුලොට්

යාපනය මානගර සභාව සඳහා ආසන වෙන්කිරීමේදී බුලොට් පක්‍ෂයට අසාධාරණයක් සිඳුව ඇති බව පවසා ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන රැස්වීමේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී දර්මලිංගම් සිද්ධාර්තන් මහතා පිටත්ව ගොස් තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සන්ධාගතව සිිටින පක්‍ෂයන් අතර වූ රැස්වීමක් ඊයේ දින රාත්‍රී යාපනය පිහිටි තමිලරසු පක්‍ෂ කාර්‍යාලයේදී පැවැත්වුණි. එහිදී සියළු පළාත් පාලන ආයතනවලදීම තමිලරසු පක්‍ෂය සියයට 60ක්ද, ටෙලෝ සහ බුලොට් පක්‍ෂයට සියය 20 බැගින්ද ආසන වෙන්කරන බවට එකඟවී තිබේ.

යාපනය මානගර සභාවේ කොට්ඨාශ අනුව බුලොට් පක්‍ෂයට තමිලරසු පක්‍ෂය විසින් කොට්ඨාශ දෙකක් පමණක් වෙන්කර ඇති අතර, එම පක්‍ෂයට ලැබිය යුතුයි තවත් කොට්ඨාශ තුනක් ටෙලෝ පක්‍ෂයට ලබාදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථකවීමෙන් බුලොට් පක්‍ෂ නායක සිද්ධාර්තන් මහතා ඉකුත් රැස්වීමෙන් පිටත්ව ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top