SRILANKAN NEWS

තීරණයක් නැතිව අවසන්වූ සාකච්ඡාව – දෙ.ජා.ස. අර්බුදය තවඳුරටත්..

නාම යෝජනා සැකසීමේ දී ආසන වෙන් කිරීම සම්බන්‍ධයෙන් අවසන් තිරණයක් නොගෙන ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂ අතරවූ සාකච්ඡාව අවසන්වී තිබේ.

උතුර – නැගෙනහිර පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සැකසීමේ කටයුතුවල දෙමළ ජාතික සන්ධානය යෙදී සිටියි. නාම යෝජනා භාරදීමේ අවසන් දිනය ලබන බ්‍රහස්පතින්දාය. මෙවැනි තත්වයකදී දෙ.ජා.ස. සන්ධාන පක්‍ෂයන් අතර ඊයේ දින යාපනයේදී ආසන වෙන් කිරීම ගැන සාකච්ඡාවක් පවත්තා තිබුණි.

එහිදී යාපනය මානගර සභාව සහ කිලිනොච්චියේ ප්‍රාදේශිය සභා තුනකදී බුලොට් පක්‍ෂයට අසාධාරණයක් සිදුකර ඇති බව පවසා එම පක්‍ෂයේ නායක සිද්ධාර්තන් මහතා සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් තිබේ. මෙවැනි තත්වයකදී ආසන වෙන් කිරීමේ සාකච්ඡාව කිසිඳු තීරණයක් නොගෙන අවසන්වී තිබේ. අද දින සාකච්ඡා පැවැත්වෙනු ඇති බව පැවැසේ.