බිම්ස්ටෙක් සමුළුව කොළඹදී අද පැවැත්වේ

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.

මේ සඳහා රටවල් හතක නියෝජිතයින් සහභාගී වෙයි. දිළිදුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ මෙවර පැවැත්වෙන්නේ තුන්වන සැසිවාරය වන අතර අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට (20) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සංවිධානයේ (BIMSTEC) අධ්‍යක්‍ෂ ජෙනරාල් එම්. සහිදුල් ඉස්ලාම් මහතා (M. Shahidul Islam) සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දින අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පවත්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top