නේවාසිකාගාරවල සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ හතරක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තාවේ.
උණ රෝගයක් වැළඳුනු සිසුන් බොහෝ දෙනෙකු ගතවූ දෙදින තුළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, වෛරස් උණ රෝගය නේවාසිකාගාරවල සිටින සෙසු සිසුන් අතර පැතිර යාම වැළැක්වීම සඳහා වෛද්‍ය උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසයි.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්‍ෂණ විද්‍යා පීඨය ලබන 26 වනදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.
Add Comment