SRILANKAN NEWS

උතුරු පළාත් මහ ඇමැති මැලේසියානු අගමැතිව හමුවෙයි..

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු අගමැති නජීබ් රසාක් මහතාව, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අද (19) දින කොළඹ දී හමුවී තිබේ. මැලේසියානු අගමැති සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සූදානම් කර තිබුණි.

උතුරු පළාත් සංවර්ධනය හා දෙමළ ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සම්බන්‍ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව මැලේසියානු අගමැතිවරයා සිය ටුවිටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.

මේ අතර, මෙම සාකච්ඡා හමුව සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩි කැමැත්තකින් තොරව මැලේසියානු අගමැතිවරයා සමග වූ හමුව ඉතා සුහඳව ‘ශංග්‍රිලා හෝටලය‘දී අද පෙරවරු 8.30ට පමණ පැවැත්වුණි.

විනාඩි 45ක පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාව හමුවට අගමැතිවරයා සමග මැලේසියානු අමාත්‍යවරුන් වන වෛද්‍ය ආචාර්‍ය සුප්රමනියම්, ටාටෝ සාමිවේල්, වෛද්‍ය ආචාර්‍ය ජෙයන්දිරන් සින්නතුරයි ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.