SRILANKAN NEWS

කෝප් වාර්තාව යටගහන්නේ නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

laksman-kiriyala_ ලක්ෂ්මන් කිරිඇල්ලයහපාලන ආණ්ඩුව කෝප් වාර්තාව ඇතුළු කිසිම වාර්තාවක් යටගහන්නේ නැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගියදා ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරන බවත් යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මූල්‍ය බලය හා වගකීම රැකීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

එදා විජයදාස රාජපක්ෂ කෝප් කමිටුවේ සභාපතිව සිටි කාලයේ රුපියල් කෝටි 45,000ක වංචාව ගැන ඔහු පෙන්වාදුන් විට ඔහුට තනතුර අතහැරීමට බලැපෑම් එල්ලවූ බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා, යහපාලන ආණ්ඩුව යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද නියෝජනය වන පරිද කෝප් කමිටුව පත් කර තිබෙන අතර විපක්ෂයේ මන්ත‍්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කර සම්පූර්ණ විනිවිදභාවයෙන් හා නිදහසේ කටයුතු කරගෙන යාම සිදු වන බව ද පවසා තිබේ.

– Global Tamil News : Sinhala