කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි..

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ බටහිර ප‍්‍රදේශයන්ට මේ වන විට ඇද හැලෙන ඉහළ වර්ෂාපතනයත් සමග අද (20) මෙම වාන් දොරටු විවෘත කර ඇති අතර ජලාශයට පහළ ප්‍රදේශයන් වල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවියයුතු බව බලධාරීන් අවධාරණය කර සිටියි.

මේ අතර, අද (20) දිනය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් වලට විටින් විට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ටද විටින් විට වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top