මාවයි සේනාදිරාජාගේ පුතා මැතිවරණයට

පළාත් පාලන මැතිවරණයට මාවයි සේනාදිරාජා මහතාගේ පුතා ද තරඟ කිරීමට නියමිත බව තමිලරසු පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමෙන්තු මන්ත්‍රී හා තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහාතාගේ පුත් කලයමුදන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව වාර්තාවේ. පසුගිය කාලයේ ඉන්දියාවේ රැඳී සිට අධ්‍යාපනය ලැබූ ඔහු දිවයිනට පැමිණ සිටියි.

ඔහු යාපනය, වලිගාමම් උතුර ප්‍රාදේශිය සභාවට තරඟ කරන බවත්, එම ප්‍රාදේශිය සභාවට හිටපු සභාපති එස්. සුකිරිදන්, හිටපු උප සභාපති එස්. සජීවන් ද තමිලරසු පක්‍ෂයෙන් තරඟ කරන බව තහවුරු කර තිබේ.

හෙට මධ්‍යහන 12ට නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වන අතර මෙතෙක් දෙමළ ජාතික සන්ධානය සිය නාම යෝජනා භාරදී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top