මට්ටක්කුලිය වෙඩි තැබීම – මිය ගණන 5 ක් දක්වා ඉහළට..

gun-1 වෙඩිමට්ටක්කුලිය, සමිත්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු අද (31) මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තිස්පස් හැවිරිදි රාජ් ශී‍්‍රකාන් නමැත්තෙකු වන අතර ඒ අනුව අදාළ සිද්ධියෙන් මිය ගිය ගණන මේ වන විට පහක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය 23 වන දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් මීට පෙර පුද්ගලයින් සිව් දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top