ඩොලරයේ වටිනාකම අඩු වුනොත් බෙහෙත් මිල අඩු කරනවා – රාජිත

ඉදිරියේ දී ඩොලරයේ වටිනාකම අඩුවුව හොත් සියයට 05 කින් වැඩි කළ ඖෂධ මිළ යළි අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා සතොස පයාගල නව වෙළෙද සැල විවෘත කිරීමේ අවස්ථාවට (24දා) එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඩොලරයක වටිනාකම ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල සියයට 5 කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූ බවත් නමුත් ඩොලරයක වටිනාකම ඉදිරියේ දී අඩු වුවහොත් යළි ඖෂධ මිල අඩු කර රෝගී ජනතාවට සහනයක් සැළසීමට හැකි බව එතුමා පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් සහ ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්.එම් අම්ජාඩි මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top