කොස්ගොඩ සුජී හා මධුෂට ඉන්ටර් පෝල් විසින් රතු නිවේදන

කොස්ගොඩ සුජී හා මධුෂ් නැමැති අපරාධකරුවන් යැයි සැලකෙන මෙරට පොලීසියට අවශ්‍ය කර ඇති පුද්ගලයින් දෙදෙනාට ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර් පෝල් විසින් රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබේ.

කොස්ගොඩ සුජී නැමැත්තා ඝාතන දහයකට පමණ සම්බන්ධ යැයි සැක කෙරෙන අතර බළපිටිය අධිකරණයද අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

මධුෂ් නැමැත්තාද අපරාධ රැසකට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඔහු ගැන විස්තර තවත් අනාවරණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙරට පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලීසිය ජාත්‍යන්තර පොලීසියේ සහය පතා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top