SRILANKAN NEWS

මඩකලපුවෙන් මතු වූ වෙඩි නොවදින රථය ගැන තොරතුරු හෙළි වෙයි

karuna-ammanaමඩකලපුව ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 28වනදා සොයාගනු ලැබූ වෙඩි නෙවදින රථය පිළිබඳව තොරතුරු මේ වනවිට අනාරවණය වෙමින් ඇත.

එම රථය 2010 ජනවාරි 20 වන දින හොංකොං සිට ජනාධිපතිකාර්යාලය යටතේ ගෙන්වා තිබී ඇති අතර එය වරයායේදී හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් වාරායෙන් නිදහස් කරගෙන තිබේ.

එහෙත් එය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර නැති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණය කර ගත් බව ඔවුන් අධිකරණයට දන්වා ඇත.

එමෙන්ම මෙම රථයේ වටිනාකම රුපියල් හත්කෝටි අසූහය ලක්ෂ තිස්තුන්දහස් ත්න්සිය අසූ පහක් (රු. 78,633,385) පමණ වේ.

එම රථය එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයා ලෙස කටයුතු කළ කරුනා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ පරිහණයට ලබා දී තිබූ එකක් බවද අනාවරණය වී ඇත.

මෙම රථය එම ගරාජය තුළට ගෙනවිත් දමා ඇත්තේද කරුණාගේ රියදුරෙකු ලෙස කටයුකු කළ අයෙකු බව ගාරාජ් හිමිකරු සඳහන් කර ඇත.

– lankatruth.com
– Global Tamil News : Sinhala