ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනපති හා එක් වෙයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරගකිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වෙයි. අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූ මෙම පිරිස රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළහ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top