SRILANKAN NEWS

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට ජපානයෙන් ආධාර

2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් නිදහස් රටක් බවට පත් කිරීම අරමුණකි. ඒ සඳහා රුපියල් මිලියන 90ක මුදලක් ජපන් ආධාර යටතේ ලැබී තිබේ.

උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා ක්‍රියාත්මක මානව ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා මෙම මූල්‍යාධාර පරිත්‍යාග කර ඇත.

උතුරේ ජනතාව නැවත පදිංචිය සඳහා රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කිරීමට මෙම ව්‍යාපෘතිය හේතුවනු ඇත.

මෙවැනි ව්‍යාපෘති සඳහා ජපානය 2003 වසරේ සිට ආධාර ලබාදෙන අතර ආසන්න වශයෙන් මේ වනවිට අමෙරිකා ඩොලර් මිලියන 32 ක මුදලක් ලබාදී ඇති බව ජපන් තානාපති කාර්යාලය පැවසීය.