බැදුම්කර කොමිසමේ වාර්තාව හෙට ජනපතිට

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෙට දින භාර දෙන බව එම කොමිසමේ ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය ප්‍රකාශ කර තිබේ.

මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත්වීමත් සමග ඊට අදාළ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා කඩිනමින් පියවර ගැනීමට නියමිතය. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ වසරේ ජනවාරි 27 වෙනි දින මෙම කොමිසම පත් කරනු ලැබිය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම විමර්ශණ කටයුතු සිඳු කළ අතර එහිදී 71 දෙනෙකු සාක්‍ෂි ලබාදී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top