SRILANKAN NEWS

යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දියත් කර තිබූ විරෝධතාවය අත්හිටුවා ගනියි..

GTN Special News 01 විශේෂයාපන සරසවියේ සිසු මරණ ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද දින පැවැත්වූ විරෝධතාවය අත්හිටුවා තිබේ.

පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම්, නැවත ඉදිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා සහ යාපනය සරසවි ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම විරෝධතාවය අත්හිටුවා තිබේ.

අමාත්‍යවරයා විසින් සිසුන් වෙත ලබාදුන් ප්‍රතිඥාවෙන් අනතුරුව සිසුන් සිය විරෝධතාවය අත්හිටුවීමට එකඟත්වය පළකර තිබේ. පසුගිය සතියේදී ද සිසුන් විසින් විරෝධතා පවත්වා තිබුණි.

යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයන්ට හෙට දහවල් කොළඹ දී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂනායකවරයාත් හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවට පුනරුත්තාපන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් මහතා ප්‍රතිඥා
ලබාදී තිබේ.

– Global Tamil News : Sinhala