SRILANKAN NEWS

ෆෙඩරල් විසඳුමක් ලැබෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා – සුමන්දිරන්

“අතුරු වාර්තාවෙන් අපි භාගයක් ජයග්‍රහණය කර තියෙනවා“ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඒකීය පාලන රටක්, බලතල සියල්ල මධ්‍යගතව තිබිය යුතුයි යන ස්ථාවරය වෙනස්වී, පාලන බලය මධ්‍යම සහ පළාත්වලද තිබිය යුතු යැයි කියන මූලික වෙනස තමයි අතුරු වාර්තාවේ පළමු පිටු දෙකෙදී සඳහන් කර ඇති බව සුමන්දිරන් මහතා පෙන්වාදී තිබේ.

පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ ක්‍රමය සම්බන්‍ධයෙන් අපේක්‍ෂකයන්ව දැනුවත් කිරීමේ හමුවක් ඊයේ දින නල්ලූර් ප්‍රදේශයේදී තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතාගේ ප්‍රධානත්වයනේ පැවැත්වුණි.

එහිදී අදහස් ප්‍රකාශ කරමින් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ. “ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට දෙකට කඩන බවත්, ෆෙඩරල් විසඳුමක් ඉදිරිපත් කර ඇති අතර, එය බෙදුම්වාදය පළමු පියවර බවට තිබෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි, එලෙස මෙම යෝජිත ව්‍යවස්ථාවේ ෆෙඩරල් නැති බව අපේ ඇතැම් අය පවසනවා.

නමුත් අපි ජනතාවට ලබාදුන් පොරොන්දුව දේශපාලන විසඳුමේදී ලබාදීමට බැඳී සිටිනවා, අපට ලැබුණු ජන වරමට අනුව අපි කටයුතු කරනවා, මට විශ්වාසයක් තියෙනවා ෆෙඩරල් විසඳුමක් ලැබෙන බවට, මූලිකව ඒකීය පාලනයේ සිට ෆෙඩරල් වෙනසක් පෙන්වන වාර්තාවක් ලෙස මෙම අතුරු වාර්තාව තිබෙනවා“ යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.