සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

හදිසියේම එම අවස්ථාවට එක්වූ ජනාධිපතිතුමා කවි කිවිදියන් සමග සුහද කථා බහක නිරත විය.

අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපගේ අභිමානවත් ඉතිහාසය, සංස්කෘතික වටිනාකම් සහ අපේකම් පිළිබද ලොවට හඩගා කියන්නට කවිය ප්‍රබල ශක්තියක් වූ බවයි.

සිංහල සංස්කෘතිය හා බැදුණු අපගේ වටිනාකම් රැකදීමට කවිය සහ කවියා ඉටුකරන විශිෂ්ට යුග මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
යහපත් සමාජයක් ගොඩනැගීම සදහා කවිය තුළින් කවියා ඉටුකරන යුග මෙහෙවර තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ජී.එම්. අජිත් කවියා ඇතුළු කවි කිවිදියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top