කඩවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

කඩවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුදගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කඩවත රන්මුතුගල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති අතර, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top