දුම්වැටි මිල යළි ඉහලට

cigarette දුම්වැටිඅගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා අද (01) සිට දුම් වැටි මිල ගණන් තවත් රුපියල් 5-10 කින් ඉහළ ගොස් ඇත.

සෑම වර්ගයකටම අයත් දුම්වැටියක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5-10 කින් ඉහළ යන බවත් එය අවම වශයෙන් සියයට 15ක මිල වැඩිවීමක් බව දුම්කොළ සමාගම පවසයි.

දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යන අතර රුපියල් 42ට වඩා වැඩි මුදලකට අලෙවි කළ දුම්වැටි රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යන බව වැඩිදුරටත් වාර්තා වේ. ඩන්හිල් හා බෙන්සන් ඇන්ඩ් හෙජස් රුපියල් 10කින් ද ගෝල්ඩ්ලීෆ් රුපියල් 8කින් ද බ්‍රිස්ටල් රුපියල් 5කින්ද ඉහළ දමා තිබේ.

මෑතකදීද දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා තිබූ අතර, නවතම මිල වැඩිවීමත් සමග මාසයක් ඇතුළත දුම්වැටියක මිල රුපියල් 12කින් ඉහළගොස් තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top