පොහොට්ටුවේ අපේක්ෂක හිමිනමක් ගෙයකට පැන මාට්ටුවෙයි

ජී.එල්. පීරිස් මහතාගේ පොහොට්ටු පක්ෂයෙන් විග්ලමුව ප්‍රාදේශීය සභාවට ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රතනපාල නම් හිමිනමක් ගුරුවරියකට අතවර කිරීමට ඇයගේ නිවසට පැන සිටියදී අසුවී තිබේ.

සෝනුත්ත විහාරයේ විහාරාධිපති ධුරය දරන්නේද එම හිමනම විසිනි.

එම ගුරුවරියගේ ස්වාමිපුරුෂයා කලකට ඉහත මියගොස් ඇති අතර ඇයගේ නිවස පිහිටා ඇත්තේද ඉහත කී විහාරස්ථානය අසළමය.

සිද්ධිය වූ දින අළුයම 5.30ට පමණ මෙම හිමිනම ඉතාමත් හොර රහසේ ගුරුවරියගේ නිවසට ඇතුළු වී තිබේ.

මෙවැනි පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබා ඇති ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂය සම්බන්ධයෙන් මේ වනවිට ජනතා විරෝධය එල්ල වෙමින් තිබේ.

මීට පෙර ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අපේක්ෂකයෙකු ඇතුළු පිරිසක් මහියංගනය මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරු හතර දෙනෙකුට පහරදී බරපතල තුවාල සිදු කර තිබූ අතර කඩුවෙල ප්‍රදේශයේ අපේක්ෂකයෙක් සිය මවගේ සහ මාමාගේ හිසට ගිනිඅවියක් තබා මරණ තර්ජනය කර තිබිණි.

ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අපේක්ෂිකාවකට වාසිය ලැබෙන ලෙස ඇගේ ගොවිනියාමක ස්වාමිපුරුෂයා විසින් තෝරාගත් ඡන්ද දායකයන් වෙත අයුතු ලෙස පොහොර බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සභාපතිවරු ලෙස කටයුතු කළ බොහෝ පිරිසක් මෙවර ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් තරඟ වදින අතර එකල මොවුන් බොහෝ පිරිසක් විවිධ විශමාචාර චෝදනාවලට ලක්ව වරදිකරුවකන් වී සිටිති.

lankatruth

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top