SRILANKAN NEWS

උදාවන නව වසර සියලු යහපත් සිතුම්,පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා – කතානායක

කතානායකවරයාගේ නව අවුරුදු සුබ පැතුම

2018 නව වසර උදා වන්නේ අප මාතෘ භුමිය වෙත නැවුම් අපේක්ෂාවන් රැසක් ජනිත කරමිනි.ගෙවීගිය කාලපරිච්ජේදය තුල ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස ලෝක ගෞරවයට පාත්‍ර වන ඉදිරි පියවර ගනනාවක් තබන්නට අප සමත් වීමු. විශේෂයෙන්ම සියලු ජාතින්ට අයත් ජනතාව තුල එකිනෙකා කෙරෙහි විශ්වාසය සහ ගෞරවය තහවරු වීමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතා අයිතිවාසිකම් ශක්තිමත් කරන ප්‍රවනතා රැසක් රට තුල ඇති වීමත් එ් අතර කැපී පෙනේ.එමෙන්ම නව වසරේ ජනතාවට සමීප වඩාත් පුළුල් නව පලාත් පාලන ක්‍රමයක අත්දැකීම්ද ශ්‍රී ලංකා වාසීන් ලබනු ඇත.

මේ සියල්ලට සමගාමීව අභිමානවත් රටක් බිහිකිරීම සදහා ආර්ථික සමෘදිය අත්පත්කර ගැනීමෙහි ලා සියලු දෙනා එක්සත්ව කැපවීමට නව වසරේ අධිටන් කරගත යුුතුය. අනාගත පරපුරට සාඩම්බර පිරිපුන් දේශයක් උරුම කරලීමේ පදනම ඉන් සැකසෙනු ඇත. එ් සඳහා ජාති ,ආගම්,කුල පංති පක්ෂ භේද පසෙක ලා හෘදසාක්ෂියට එකගව මාතෘ භූමියේ සුබ සිහින සැබෑ කිරීම වෙනුවෙන් මෙම නව වසරේ අත්වැල් බැඳ ගන්නා ලෙස සකල ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිමි. උදාවන නව වසර සියලු යහපත් සිතුම්,පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා යැයි පතමි.

කරු ජයසූරිය
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක.