රටේ දිගු කාලයක් පුරා පැවැතුණු ජාතික ගැටලුවට ස්ථීර විසඳුමක් සොයා ගැනීම සඳහාත්, අපගේ අනාගත පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීමට මං පෙත් විවර කිරීම සඳහාත්, සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් ඒකරාශී වන ලෙස විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා නව වසරට සුබ පැතුම් එක් කරමින් සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.
විපක්ෂ නායකවරයාගේ නව අවුරුදු සුභ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
“සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් නව වසරක් සඳහා මෙරට සියලුම ජනතාවට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. ප්‍රාර්ථනාවන්ගෙන් හා අපේක්ෂාවන්ගෙන් යුතුව, මගේ ආයාචනය වන්නේ එක්සත් එක් රටක ජනතාවක් වශයෙන් යහපත් අනාගතයක් ගොඩනැඟීම වෙනුවෙන් අපි සැවොම එක්ව කටයුතු කරමු යන්නයි. නව වසරට පා නඟද්දී පසුගිය වසර තුළින් උගත් පාඩම් සුබවාදී ලෙසින් යොදා ගැනීමට අප කටයුතු කළ යුතුය.
දිගු කාලයක් පුරා පැවැතුණු ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් සොයා ගැනීම සඳහාත් අපගේ අනාගත පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීමට මංපෙත් විවර කිරීම සඳහාත් සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් ඒකරාශී වන ලෙසට ඉල්ලා සිටිමු.”
Add Comment