ඉන්දීය ධීවරයින් 69ක් නිදහස් කෙරේ..

Gallery Picture

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම ඊයේ (31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ රණගජ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 404 මුර සංචාරක යාත්‍රාව එක් විය.

ඒ අනුව, ඊයේ ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top